අවින්‍යා වෘත්තීය අධ්‍යාපන මඟ, Razzle Dazzle, Crossword Puzzles and Fun with Tech (#27)
රන් තැටියට හිඟමන් යදින සුබසාධන ක්‍රමය වෙනස් කරන අවින්‍යා වෘත්තීය අධ්‍යාපන මඟ බණ්ඩාරගම අවින්‍යා ඇකඩමිය දැන් ලංකාවට මඟඇරුණු වෘත්තීය මඟ පැහදිලි කර දී ඇත. එය ව්‍යාපෘති මූලික අධ්‍යයන ක්‍රියාවලියකි. පළමු මාස 6ට අයත් බලගැන්වීමේ වැඩාසටහන, විසිඑක්වැනි සියවසට ඉල්ලන වෘත්තීය සහ ජීවන කුසලතා මතු කිරීමට අවධානය ගනී. ඉතිරි වසර දෙකක කාලයට අයත් වෘත්තීය පුහුණුව මඟින්ත මන් ලෝකයෙන් අයදින්නකු නොව ලෝකයට අළෙවි කරන්නෙකු බව අවින්‍යා සිසුන් අවබෝධ කර ගන්නවා ඇත. තනි තනිව විෂයයන් ඉගෙන විභාග සමත්කරන ආත්මාර්ථකාමී ඉලක්කය වෙනුවට අවින්‍යා සිසුන් කණ්ඩායම් හැඟීමෙන් නිශ්පාදන ඉලක්කයක් කරා ප්‍රායෝගික පියවර තබා ඇත. නිවසේ ඉවතලන ද්‍රව්‍යය ප්රතිචක්ක්රීයකරණය කිරීමෙන් ඔබබට ගොස්, එයින් නව නිශ්පාදන කළ හැකි බව තම පළමු පාඩමේදීම ඔවුන් අවබෝධයට ගැනීම නිදසුනකි. එම කණ්ඩායම් ක්‍රියාවලිය නිශ්පාදන ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය සාධකයකි. රන් තැටියකට හිඟමන් යදින සුබසාධන ආර්තිකය ද රට බංකොලොත් කිරීමට හේතු වූ බව අවින්‍යා සිසුන් ඊළංගට අවබෝධ කර ගනු ඇත. ‘රන් තැටිය’යනු තමා සතු කුසලතාවයයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කුසලතාව මතු කරන්නක් නොවේ. අඩු...